ඩීසල් එන්ජින් රනවේ, ඇත්තටම මොකක්ද මේ ඩීසල් එන්ජින් රනවේ කියලා කියන්නේ?
ඩීසල් එන්ජින් වලට බලපාන දුර්ලභ තත්ත්වය.ඒ කියන්නේ එන්ජිමට අවිධිමත් ප්රභවයකින් අතිරේක ඉන්ධන ප්රමාණයක්(ඩීසල් සහ ක්රෑන්ක් කේස් ඔයිල් වාෂ්ප හෝ එන්ජින් ඔයිල්)ලැබීම නිසා අඩු සහ ඉහළ එන්ජින් වේග යන අවස්ථා දෙකේ දීම එන්ජිම උපරිම වේගයකින් ක්රියත්මක වීම නිසා යාන්ත්රිකව අසමත්වීම නිසා හෝ ලිහිසි තෙල් හිඟවීම හේතුවෙන් එන්ජිම දරුණු ලෙස විනාශ වන තෙක් ක්රියාකිරීම.
මේ සදහා බලපාන හේතු තමයි;
1) යාන්ත්රික පාලන ගවනර් සහිත ඉන්ජෙක්ටර් පොම්ප වල තියෙන කේන්ද්රාපසරී යාන්ත්රික ගවනර් පද්ධතිය නිසියාකාරව ක්රියාත්මක නොවීම.
මේ නිසා එන්ජිමට අධික ලෙස ඉන්ධන ලැබීම කියන එක.සාමාන්යයෙන් ඩීසල් එන්ජින්වල වේගය පාලනය කරන්නේ ඉන්ජෙක්ටර් මගින් සිලින්ඩරවලට ලබා දෙන ඉන්ධන ප්රමාණය වෙනස් කිරීම මගින්.ඒ නිසා එහිදී වායු සීමා කිරීමක් නොමැති බැවින් (ටර්බෝචාර් හෝ සුපර්චාර්ජ් මගින්)අසීමිත වායු ප්රමාණයක් සැපයීම නිසා මෙහිදී එන්ජින් වේගය පාලන කිරීමට නොහැකි වීම.
2) අධික ලෙස ගෙවුණු එන්ජින් වල රත් වුණු වාතය පිස්ටන් රිංග්ස් හරහා ක්රෑන්කේස් තුලට ගමන් කිරීම.
මේ නිසා පොසිට්ව් ක්රෑන්ක්කේස් වෙන්ට්ලේෂන්(PCV)සිස්ටම් එක හරහා එම ඔයිල් වාෂ්ප ඉන්ටේක් මැනිෆොල්ට් තුලටත් එතැනින් එන්ජිම තුලට ලැබීම.
3) අධික එන්ජින් ඔයිල් මට්ටම් තිබීම.
ඔයිල් මට්ටම ඕනවට වඩා වැඩි වීම නිසා බ්ලෝ-බයි ගෑස් PCV සිස්ටම් එක හරහා එන්ජිම තුලට ලැබීම.
4) ටර්බෝචාර් ඉන්ටේක් ඔයිල් කාන්දු.
මේ නිසාත් ඉන්ටේක් මැනිෆෝල්ටය තුලට එනජින් ඔයිල් ඇතුල්වීම නිසා මෙම ඔයිල් හෝ ඔයිල් වාෂ්ප ඩීසල් එන්ජිමක් තුල දහන ඉන්ධනයක් ලෙස දහනය වීම මේ නිසා ඩීසල් එන්ජිමක වේගය වැඩිම.ඒ අනුව එන්ජින් ඔයිල් මට්ටම අඩුවෙන තෙක් හෝ එන්ජිමට හානි වන තේක් එන්ජිම ස්වයංක්රීයව ක්රියාත්මක වීම සිදුවෙනවා.
මෙවැනි රනවේ ඩීසල් එන්ජිමක් නැවැත්වීමට කල හැකි දේවල් තමයි;
• එන්ජිම තුලට ලැබෙන වාතය අවහිර කිරීම.ඒ සදහා ඉන්ටේක් මැනිෆොල්ටය තුලට රෙදි ගුලියක් වැනි දෙයක් හිරි කිරීම
• කාබන්ඩයොක්සයිඩ් වැනි නිෂ්ක්රීය වායුවක් ඉන්ටෙක් මැනිෆොල්ට්ය තුලට ලබාදීම මගින් එන්ජින් වේගය අඩු කිරීමට සැලැස්වීම
• මැනුඅල් ගියර් වාහනයක් නම් ටොප් ගියරයකට(4,5,6 වගේ)මාරැ කරලා හෑන්ඩ් බ්රේක් සහ පැඩල් බ්රේක් යන දෙකත් එකක් කල්ච් එක නිදහස් කිරීම.
ඊට අමතරව ඇන්ටිෂඩර්ප්ලැප්(ඉලෙක්ට්රොනික් කොන්ට්රෝල් සහ වැකියුම් කොන්ට්රෝල්)සහිත නවීන එන්ජින් වල ඉග්නිෂන් ඔෆ් කිරීම මගින් සහ වැකියුම් ලයින් විසන්ධි කිරීම මගින් එන්ජිමට ලැබෙන වාතය කපාහැරීම මගින් එන්ජිම නතර කිරීමට හෝ එහි වේගය අඩු කරන්න පුලුවන්.
ඒ කොහොම වුණත් එන්ජින් රනවේ වෙනවා කියන්නේ එන්ජිමේ යම් ගැටලුවක් තියෙනවා(එන්ජිම අධික ලෙස ගෙවී තිබීම,ටර්බෝචාර්ජ් ඔයිල් ලීක්,යාන්ත්රික ඉන්ජෙක්ටර් පොම්ප දෝෂ...)ගැටළුවක් තියනවා කියන එකයි.ඒ නිසා එවැනි අවස්ථාවකින් පසු දෝෂය නිවැරදිව හඳුනාගන අවශ්ය අළුත්වැඩියාවන සිදුකිරීමට අවශ්ය වෙනවා.සමහර විට එසේ නැවත අළුත් වැඩියා කල නොහැකි තරමට එන්ජින්මට සහ අනිකුත් කොටස් වලට දැඩි හානි ඇති කරන්න පුළුවන්
විශේෂ ස්තුතිය - Chandrasiri Jayawickrama
උපුටා ගැනීමකි ...
No comments:
Post a Comment